හොල්මන් කතා වලට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්මයි මේ ලිපිය.2017 වර්ශයේ මේ වන විටත් නිකුත් වී ඇති හොරර් ගනයට වැටෙන මේ චිත්‍රපට ඔබ මීට පෙර නරබා තියෙනවද බලන්න.
1.Annabelle: Creation (2017) with Sinhala Subtitles | සොදුරැ බෝනික්කෙකු තුල සිරවූ වියරැ යක්ෂණියකගේ ආත්මය
හොදයි එහෙනම් කතාව පැත්තට යමු.. ඇමරිකාවේ පිටිසර ගම්පියසක “මූලින්ස්” නමින් පව්ලක් ජීවත් වෙනවා. බෝනික්කෝ හදලා විකුනලා තමයි මෙයාලා ජිවිතය ගැටගහ ගන්නේ. ඉතින් මේ මූලින්ස් නෝනටයි මහත්තයටයි පුංචි දුවෙක් ඉන්නවා. එයාගේ නම “ඇනබෙල්”. ඒත් ඔවුන් ඇයට ආදරේට කතා කලේ “බී” කියලා, ඉතින් බී කියන්නේ හුගක් හුරතල්, ලස්සන, අහින්සක කෙලි පැටික්කියක්. ඉතින් මෙයාලා හරිම සතුටින් තමයි කාලය ගත කරන්නේ. එත් එක දවසකින් මේ සතුටින් හිටිය පව්ල කදුළු උල්පතක් කරමින් අවාසනාවන්ත විදිහට අඩු වයසින්ම බී මේ ලෝකේ දාලා යනවා. මූලින්ස් නෝනයි මහත්තයයි හැමදාම ප්‍රාර්ථනා කරනවා තමන් ආදරේ කරපු ඒ කෙලි පැටික්කියව ආපහු වතාවක් දකින්න ලැබෙන්න කියලා.
ඉතින් මෙහෙම ගලාගෙන යන මේ චිත්‍රපටය තවමත් වාර්තා පිට වාර්තා තබමින් තිරගත වෙනවා.හොල්මන් චිත්‍රපට ප්‍රිය කරන ඔබ මග නොහැරම නැරබිය යුතු චිත්‍රපටයකුයි මේ.
2.The Bye Bye Man (2017) with Sinhala Subtitles | බායි බායි මෑන්
සාම්ප්‍රදායික හොල්මන් කතා වලින් එහාට ගිය වෙනස්ම කතා තේමාවක් රැගත් Horror, Thriller කාණ්ඩයට අයත් වන සලරුවකුයි මේ.
එලියට් ජෝන් සහ බෙයර් කියන්නේ කැම්පස් ශිෂ්‍යයන් තුන් දෙනක්. මේ තුන් දෙනා ගෙයක් කුලියට ගන්නවා කැම්පස් එක ආසන්නයෙන්ම. බෙයර් කියන්නේ එලියට්ගේ පෙම්වතිය සහ ජෝන් එලියට්ගේ පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවා. ඉතින් මේ ගෙදර අයිතිකාරයා ඔවුන්ට මේ නිවස කුලියට දෙන්නෙ එහි පරණ ගෘහභාණ්ඩත් සමගයි. ඔය පරණ ගෘහ භාන්ඩ අතර තිබිලා ඔවුන්ට හම්බෙනවා පොඩි මේසයක් සහ පරණ රත්තරං කාසියක්. ඔය කියන පරණ මේසෙ ඇතුලේ ලියලා තියෙනවා යම් නමක් නම තමයි බායි බායි මෑන්.
මේකත් තනියම රෑට බලන්න කියාපු චිත්‍රපටියක්..
3.It comes at night (රාත්‍රියේ පැමිනෙන දෙය)
පෝල් කියන්නේ නගරයේ හිටි ගුරුවරයෙක්.ඔහුගේ බිරිද සාරා ඒ වගේම පුතා වෙන්නෙ ට්රැවිස.නමුත් හිටිහැටියේම ඔවුන්ට නගරයෙන් පලා එන්න වෙනවා එක්තරා වසංගත තත්වයක් පැතිර ගිය නිසා.ඔවුන් පලා එන්නේ මහ වනන්තරේට.ඒ රෝගය බොහොම දරුණුයි වගේම සුවකල නොහැකියි.මේ තිදෙනා එක්ක පෝල්ගෙ තාත්තාත් එනවා.ඒත් ඔහුට කැලයට ආවාම අර මම සදහන් කල රෝගය වැළදෙනවා.ඉතිං පෝල්ට අකමැත්තෙන් වුවත් පවුලේ අන් අයගේ ආරක්ෂාව පිණිස රෝගකාරක පැතිරීම වළක්වන්න තාත්තාව මරන්න සිද්ධ වෙනවා.ඔන්න ඔතනින් තමයි මේ කථාව ආරම්භ වෙන්නේ…
යාලුවෝ කට්ටියක් එක්ක සෙට් වෙලා බලන්න තියෙන සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ..
4.Get Out (2017) | “කළු” ශාපය
කවදාහරි අහලා තියෙනවද IMDb මීටරේ 8.1ට කරකවලා හොඳම චිත්‍රපටි 250 අතරට රිංගපු Horror චිත්‍රපටියක් ගැන? මම නම් අහලා නෑ, බලලත් නෑ. හැබැයි ඔන්න දැන් එහෙම චිත්‍රපටියක් තියෙනවා.
එයා කළු කොල්ලෙක්, ක්‍රිස්
මෙයා සුදු කෙල්ලෙක්, රෝස්
දෙන්නා දවසක් හම්බවුණා
කෙල්ල නිකම් අමුතු බැල්මක් දැම්මා
කොල්ලට නිකම් හොල්මන් වගේ
සුද්දියෙක් කවද්ද කලුවෙක් එක්ක යාලු වුණේ
මාසයක්, දෙකක්, තුනක් ගෙවිලා ගියා.
Horror චිත්‍රපටි නොබලන අයටද බලන මෙන් ඉල්ලා සිටිනවා. Trailer එක බැලුවත් කමක් නෑ, නොබැලුවත් කමක් නෑ. බැලුවොත් අනිවා චිත්‍රපටිය බලනවමයි.
5.The Mummy (2017) | අඳුරට කැප වූ සුන්දරිය..
මේ වසරේ මැයි මස 22 දින තිරගත වීම ආරම්භ කළ The Mummy (2017) චිත්‍රපටය බොහෝ ප්‍රේක්ෂකයින්ගේ තිරගත වෙනකල් බොහොම නොඉවසිල්ලෙන් බලා සිටි චිත්‍රපටයක්. සුපිරි නළු Tom Cruise සමඟින් Russell Crowe, Sofia Boutella, Annabelle Wallis, Jake Johnson රංගනයෙන් දායක වූ මේ චිත්‍රපටය Fanasy/Thriller ගණයට වැටෙන්නක්. ඇමරිකානු ඩොලර් මිලියන 377.3 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්නට සමත් වූ මේ චිත්‍රපටය ලබා ගත් IMDb ලකුණු මට්ටම නම් 5.7 ක් වගේ අඩු අගයක්. ඒ වගේම Rotten Tomatoes වල සනිටුහන් වී තිබෙන අගය 16% ක් වගේ ඉතාම අඩු අගයක්. ඒ කෙසේ වෙතත් රසයේ අඩුවකින් තොරව නරඹන්නට හැකි චිත්‍රපටයක් ලෙස මෙය නම් කරන්නට මම කැමතියි.
පුරාවුර්ත හා පදනම්ව ගලා යන මේ චිත්‍රපටය අතිශයින්ම හොල්මන් චිත්‍රපට රසිකයන්ට පමනයි.
මේ චිත්‍රපට නරබලා නැත්නම් අදම බලන්න කියලා තමා කියලා තියෙන්නෙ.මේ හැම චිත්‍රපටයකම සින්හල උපසිරැසි වගේම චිත්‍රපටයත් බයිස්කෝප් වෙබ් අඩවියෙන් සුපුරුදු පරිදි බා ගත කරගන්න පුලුවන්.එහෙනම් මේ වගෙම අලුත් දෙයකින් හමු වෙමු..
සුබ දවසක්...!!!





No comments:
Post a Comment