‌

Sunday, October 8, 2017

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් (දිය කිදුරියෝ)

"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."


අප කවුරුත් දන්නා දියකිදුරියන් ගැබුරු සාගරයේ ජීවත් වන මිත්‍යා ජීවී විශේෂයකි.ඉන ප්‍රදේශයෙන් ඉහල කොටස මිනිස් ශරිරයකින්ද,ඉනෙන් පහල කොටස මත්ස්‍ය ශරීරයකින්ද හැදිලා තියෙන මේ දිය කිදුරියන් තාමත් ලෝකයට අභිරහස් ජීවියෙකි.

මොවුන් ගැන නොයෙකුත් මිත්්‍යා විශ්වාස තියෙනවා.මෙම දිය කිදුරියන් ඉතාමත් ආකර්ශනීය රූපයකින් යුතු අන් අය තමන් වෙත පොලඹවා ගන්න සමත් කියලයි එම කතාවල තියෙන්නේ.එම මිත්‍යා කතා වලට අනුව මොවුන් තමන්ගේ ආකර්ශණීය සංගීතයෙන් නැවියන් තමන් වෙතට ඇදගන්නවා කියන විශ්වාසයක් තියෙනවා.


තව මෙයාලට මිනිස්සුන්ගේ කන් අඩි පැලෙන තරම් වේගෙන් කෑ ගහන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා.නැව් වල නැවියන්ට මෙයාලගේ ඒ සද්දේ ඇහිලා තියෙනවා කියලා කට කතාවක් තියෙනවා. 

"Mermaid" යන වචනය සෑදී තිබෙන්නේ,"Mer" යන්නෙන් ප්‍රංශ භාෂාවෙන් මුහුද යන්න සහ "maid" යන්නෙන් තරුණ කාන්තාව යන්නයි.මොවුන් ගැන ලෝකයේ හැම තැනින්ම වාර්ථා වෙලා තියෙනවා.උදාහරණයක් ලෙස ඉන්දියාවේ මිත්‍යා කතාවක් වන අප්සරා නම් ජලයේ සිටිනා දෙවගන,රුසියාවේ රුසල්කා(Rusalka),ග්‍රීක දේවතාවියක් වන සිරෙන්(Siren) දක්වන්න පුලුවන්.


මෙම දිය කිදුරියන් හා දිය කිදුරන් ගැන ග්‍රීක හා බැබිලෝනියානු  මිත්‍යා කතා රාශියක් ඇත.

ට්‍රිටොන්(Triton)


Triton යනු ග්‍රීක දෙවියෙකි.මුහුදට අධිපති වන Poseidon ගේ පුත්‍රයා වේ.මොහු දියකිදුරෙක් ලෙස තමයි ඔවුන් හදුන්වන්නේ.මොහු තමන්ගේ පියා මෙන් ත්‍රිශූලයක් තම දෑතේ රදවාගෙන සිටී.කොහොම නමුත් ඔහු  හක්ගෙඩියෙන් හා හොරණෑවෙන් කෙනෙකු භීතියට පත් කරන නාදයක් නිකුත් කරනවා මෙන්ම එය අසා සිටින්නෙකුට කැලයේ සිටින ඉතා භයංකාර මෘර්ගයෙකු මැවී පේනවා කියල ඔවුන් විශ්වාස කරනවා.මිත්‍යා වට අනුව Triton ගැඹුරු මුහුදු පත්ලේ තියෙන තමාගේ පියාගේ රත්‍රන් මාලිගාවේ වාසය කරයි.
ගවේශකයෙකු වන Pausanias,ට්‍රිටොන්ගේ හැඩරුව විස්තර කරලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.


"ඔහුගේ සිරුර මෝරෙකු මෙන් සියුම් ලෙස කොරල වලින් වැසී තියෙනවා.කන් යටින් කරමලක්ද මිනිසෙකුගේ නාසයක්ද මොහුට තියෙනවා.නමුත් ඔහුගේ කට සහ දත් භයානක මෘර්ගයෙක් වගේ සහ නිල් පාට ඇස් ඔහුට තියෙනවා.මිනිසුන්මෙන් අත් දෙකක් හා ඇගිලි මොහුට තියෙනවා.ඉනෙන් පහල කොටස ඩොල්‍ෆින් කෙනෙකුට මෙන් වරල් තියෙනවා."


තවද මුහුදේ රල නැගෙන්නේ මුහුද කලඹන නිසා කියලත් ග්‍රීක වැසියන් විස්වාස කරනවා.

සිරෙන්(Siren)


සිරෙන් නම් ග්‍රීක දේවතාවියකි.මැය තමන්ගේ දූපත අසලින් යන නැව් වල සිටිනා නැවියන්ව තමන්ගේ සංගීතයෙන් මෝහනය කර ගල්පර වලින් වටවූ තමන්ගේ දූපතට එම නැව ගෙන්වා මුහුදුබත් කරයි.Sirenum scopuli වර්තමානයේ Capri ලෙස හදුන්වන්නේ මෙම දේවතාවිය සිටියා යැයි කියන ගල්පර වලින් වට වූ දූපතයි.
සිරෙන්(Siren)ගේ හැඩරුව කුරුල්ලන් හා කාන්තාවන් ගේ හැඩරුවින් විවිධ අයුරින් හදුන්වා දී තියෙනවා.ග්‍රීක සිතුවම් වලට අනුව Siren හදුන්වන්නේ පක්ෂී සිරුරක් හා කාන්තා හිසක් ඇති බවයි.පසුව ඔවුන් මැය ඉනෙන් ඉහල කොටස කාන්තාවක මෙන් හා පහල කොටස මත්ස්‍ය ශරීරයකින් යොදා සිතුවමට නගා තිබෙනවා.ඇයගේ සංගීත භාණ්ඩය වන්නේ වීණාවයි.


දීර්ඝ ගමන් වල යෙදී හෙම්බත් වී සිටින නාවිකයන්ට අමෘතය මෙන් සංගීතයක් මැය තමන්ගේ වීණාවෙන් නිකුත් කර එම නාවිකයන් මෝහනයට පත් කර තමන් වෙතට ගෙන්වා ගනී.මෙම සංගීතයේ අවසානය මරණය යැයි නාවිකයන් විස්වාස කරයි.


රුසල්කා(Rusalka)

Rusalka යනු රුසියානු මිත්්‍යා කතාවක එන තරුණ කාන්තාවක ගේ ආත්මයකි.ජනප්‍රවාදයට අනුව ඇය තමන්ගේ විවාහයට පෙර ඝාතනය කරන ලදී.පසුව ලත් ශාපයෙන් ඇය විලක දියකිදුරියක් ලෙස ජීවත් වෙලා තියෙනවා.එම විල අසලින් යන මිනිසුන් හට මිහිරි ගීත ගායනා කර එම මිනිසුන් තමන් වෙතට ගෙන්වා ගෙන විල පත්ලට ගෙන යයි.Rusalka  මෙම ශාපයෙන් මුදවා ගත හැක්කේ ඇය ඝාතනය කල පුද්ගලයා විසින් එම වරද පිලිගත හොත් පමණි යන්න රුසියානු ජනප්‍රවාදයේ සදහන් වෙයි.



එම මිත්්‍යාවේ සදහන් වන පරිදි රුසල්කා සිහින් සිරුරක් හිමි,පිරිපුන් පියයුරු වලින් යුත් ලස්සන කාන්තාවකි.ඇයගේ ඇස් දීප්තිමත් දුඹුරු පැහැයක් ගන්නා අතර හිස කෙස් තබ පැහැයක් ගනී.ඇයට මිනිසෙකු ලෙස වෙස්වලා ගැනීමටද හැකියාව තිබේ යැයි සදහන් වේ.


මෙම විල ගණ වනාන්තරයකින් වට වී ඇති නිසා මැය ගස් වල අතු අතර හිදගෙන තම විලෙහි සිටින ආත්මයන් සමග මිහිරි ගීත ගායනා කරයි.නමුත් සමහර අවස්ථාවල මැය මිනිස් වෙස් ගෙන ගම්මාන වලට ගොස් මින්සුන් වශී කරගෙන තම විල වෙතට ‍රැගෙනවිත් මරා දමන බවටද මිනිසුන් විශ්වාස කරයි.

අනෙකුත් මිත්්‍යා විශ්වාස
මෙම දිය කිදුරියන් නාවිකයන් කරදර වලින් බේරා ගන්නවා යැයි සමහර නාවිකයන් විස්වාස කරනවා.නැවක් මුහුදුබත් වූ අවස්ථාවල එම නැවියන් බේරා ගැනීමට මොවුන් පැමිනෙන බවත්.එම නැවියන්ව දිය කිදුරියන්ගේ මුහුද යට තිබෙන රාජධානි වෙත ගෙනයන බවත්,ඔවුන්ට මිනිසුන් හට වතුර යටදී හුස්ම ගැනීමට බැරි බව අමතක වීම නිසා එම මිනිසුන් මිය යන බවත් විස්වාස කරනවා.

තවද මෙම දිය කිදුරියන්ගේ කදුලු වලින් මිනිස් සිරුරේ තාරුණ්‍ය ‍රැක ගැනීමට හැකියාව ඇති බවත් මිනිසුන් විස්වාස කරනවා.තවද මෙම කදුලු මුතු ඇට බවට පත් වෙනවාය යන්න චීන මිනිසුන් විස්වාස කරනවා.


Saturday, October 7, 2017

‌අපේ නායකයා ගේ ජීවිතයෙන් බිදක්...

අපේ අගමැති අනාගත ජනපති රනිල්...

රනිල් වික්‍රමසිංහ මහතා ( උපත 1949 මාර්තු 24 ) යනු ශ්‍රී ලංකාවේ වත්මන් අග්‍රාමාත්‍යවරයා වේ. ඔහු මීට පෙර 1993 මැයි 7 සිට 1994 අගෝස්තු 19 දක්වාත්, 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රියෙල් 6 දක්වාත්,2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 17 දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස තුන් වරක් කටයුතු කර තිබේ. 2015 ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස සිව් වන වරටත් තෝරා පත් කෙරුණි.

අධ්‍යාපනය
කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරය ඉසිලූ එකම පුද්ගලයාද රනිල් වික්‍රමසිංහ මහතා ය. අනෙක් සියලුම රාජ්‍ය නායකයින් (ජනාධිපති/අගමැති) විදේශ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හැදෑරුවෝ වෙති.

මුල් අවධිය
1970 වසරේ මැද භාගයේදී කැළණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ වික්‍රමසිංහ මහතා පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරුණි.

ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතායි. එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරයයි.

අග්‍රාමාත්‍යවරයා ලෙස
පළමුවරරණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කිරීමෙන් පසුව 1993 මැයි 07 වනදා රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අගමැතිවරයා ලෙස පළමු වතාවට පත් කෙරුණි.

දෙවනවර
2001 මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවද හෙතෙම මෙරට අගමැතිවරයා ලෙස පත්විය.

තෙවනවර
2015 ජනවාරි 9 දිනදී, රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස තුන් වන වරටත් තෝරා පත් කෙරුණි.

පුද්ගලික දිවිය
1949 වසරේදි එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලිනි වික්‍රමසිංහ යන මහත්මියට දාව දෙවන පුතු ලෙස උපන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා , කැළණිය විශ්ව විද්‍යාලයේ, ඉංග්‍රීසි අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග 1994 වසරේදි විවාහ දිවියට එළඹිය.

මහා රාවණ රජතුමා.

රාවණ අදත් ජීවතුන් අතර?


රාවණා රජු යනු අපේ පැරැණිතම මුතුන් මිත්තෙකි. අප රටේ සිංහල ජනතාව පැවතගෙන එන්නේ විජය - කුවේණිය දෙදෙනාගෙන් ද නැතිනම් යක්ෂ ගෝත්‍රික රාවණා රජුගෙන් ද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. ඒ තරමටම අපගේ ජීවිත හා රාවණා රජු බැඳී සිටී. රාවණා රජුගේ ගෝත්‍රය යක්ෂ වූවා මිස ස්වරූපය මනුෂ්‍ය ස්වරූපය බව බොහෝ විද්වත්හු ප්‍රකාශ කරති.

රාවණා රාජධානිය පිළිබඳ තොරතුරු ගවේෂණය කොට එය ලංකාවේ පිහිටි බව සනාථ වූ දාට අප පැවැතගෙන එන්නේ රාවණාගෙන් බව අවිවාදයෙන්ම අපට පිළිගැනීමට සිදු වනු ඇත.

දඹදිව අයෝධ්‍යා පුරයේ විසු රාම, ලක්ෂමණ සහ සීතා යනාදීහු මනුෂ්‍යයෝය. එහෙත් යක්ෂ ගෝත්‍රික රාවණා මනුෂ්‍ය වර්ගයක් ලෙසින් පිළිගන්නට ඔවුන් සූදානම් වූයේ නැත. එවකට ලංකාවේ විසු රාවණා හා ඔහුගේ පිරිස් විස්මිත දේ කිරීමෙහි දක්ෂයෝ වූහ. විටෙක ඔවුහු ගුවනින් ගියහ. වාතයෙන්, හිරු එළියෙන් හා සඳ එළියෙන් ක්‍රියාත්මක වන යානාවල නැඟී ගියහ. විටෙක කිසිවකුටවත් නොපෙනී ගියහ. යන්ත්‍ර - මන්ත්‍ර ආදි ගුප්ත බලවේගයන්ගෙන් වැඩ ගත්හ.


ලක්ෂමණගේ රැකවරණයෙහි සිටි සීතා ඔහුටත් නොදැනෙන පරිදි පැහැර ගන්නට රාවණා සමත් වූයේ ඔහු සතුව පැවති ගුප්ත බලවේගයන්හි පිහිටෙනි. මෙවන් විස්මිත දේ කළ හැක්කේ යකුන්ටම මිස මිනිසුන්ට නොවේ යනුවෙන් සිතූ දඹදිව වැසියන් එදා ලක්වැසියන් දෙස බලා ඇත්තේ යක්ෂයන් දෙස බලන ආකාරයෙනි.

රාම - රාවණා යුද්ධයෙන් රාමට ජය ගත හැකි වූයේ ද රාවණාගේම ආයුධ උපක්‍රමශීලීව රාම අතට පත්වීමේ හේතුවෙනි. යුද්ධයේ දී රාවණා මිය නොගිය බවත්, හී පහර වැදුණු රාවණා සිහිමුර්ජා තත්ත්වයට පත්ව අදත් ජීවත්ව සිටින බවත් පුරාවෘත්ත කතාවල සඳහන් වේ. රාවණා මියගියා යයි සිතා එම සිරුර මිහිදන් කොට ඇතත් එය පවතින්නේ සිහිමුර්ජා වී පමණි.


උග්‍ර ලෙස භාවනා වැඩු රාවණා මහා බ්‍රහ්මයාගෙන් අමරණීය වී සිටීමට වරම් ලත් අයෙකි. එම වරම මහා බ්‍රහ්මයා ආපසු උදුරා ගත් බවක් පුරාවෘත්තවල සඳහන් නොවේ. එසේනම් රාවණා මියයන්නේ කෙසේ ද? රම්භා නම් වූ දිව්‍ය අප්සරාවට රාවණා බලහත්කාරකමක් කළ මොහොතේ නලකුවේරයන් ශාප කරන්නේ නැවත වතාවක් කාන්තාවකට අනතුරයක් කළහොත් එකෙණෙහිම රාවණා මරණයට පත්වේවා කියාය. එහෙත් සීතා පැහැරගෙන ආ රාවණා ඇයටවත් අනතුරයක් නොකළේය. එසේනම් රාවණා මිය යන්නට හේතුවක් නැත.

කෙසේමුත් රාම, ලක්ෂමණ ආදීන් රාවණාගේ බලපරාක්‍රමය බලෙන්ම යටපත් කොට ඇත. රාවණාගේ බලය යළි කිසිදා පැන නොනැඟෙන පරිදි වළලා දමා ඇත. මුළු ලෝකයාම රාවණා දුෂ්ටයකු ලෙස දකින්නේ එබැවිනි. රාවණා දුෂ්ටයකු බවට පත්කළ රාම, ලක්ෂමණ දෙදෙනා මුළු ලොව ඉස්මතුව සිටිති. එබැවින් වර්තමානයේ දී පවා පවතින්නේ රාම, ලක්ෂමණ, සීතා සහ ඔවුන් බලවත් කළ හනුමාන්ගේ බලයයි.
එහෙත් කිසිදා සත්‍යය යටපත් කළ නොහැකිය. තාවකාලිකව සත්‍යය යටපත් කළත් කවදා හෝ එය ප්‍රබලාකාරයෙන් ඉස්මතු වෙයි. මේ පිළිබඳ පුරාවෘත්ත ප්‍රකාශ කරන්නේ මෙම යුගය රාවණාගේ බලපරාක්‍රමය ඉස්මතුව විත් ලොවට සර්ව සාධාරණය ඉෂ්ට වන යුගයක් බවයි.

අන් කවර කලෙකටත් වඩා වර්තමානයේ දී රාවණා රජු පිළිබඳ සොයන්නට, ගවේෂණය කරන්නට බොහෝ දෙනෙක් පෙලඹී සිටිති. රාවණාට සිදුවූයේ කුමක් ද යන ප්‍රශ්නයේ දී අමරණීය වරම් ලද රාවණා දැනට පරනිර්මිත වසවර්ති දිව්‍යලෝකයේ වෙසෙන බව පුරාවෘත්ත කතාවල සඳහන් වේ. පරනිර්මිත වසවර්තියේ වාසය කරන රාවණා නමැති දිව්‍යරාජයා මුළු ලොව දකිමින්, මුළු ලොව සිදුවන අකටයුතු දකිමින්, ලෝකයට සාධාරණය සලසන්නේ කවදාදැයි බලමින් සිටී.

රාවණා රජු පිළිබඳ අසීමිත විශ්වාසයක් ඇති අය කෙරෙහි බැඳී සිටින රාවණා දෙවි ඔවුන් මඟින් ලොවට සෙත, සහනය උදා කරන්නට, සාධාරණය සලසා දෙන්නට උත්සාහයක යෙදී සිටී. රාවණා දෙවියන් වෙනුවෙන් ඉදිවෙන දෙවොල් මඟින් මෙම කටයුත්ත ඉටුවනු ඇති බව පුරාවෘත්ත කතාවන්හි සඳහන් වේ.

රාවණා රජු පිළිබඳ අවංක චේතනාවෙන් යුතුව තොරතුරු ගවේෂණය කර රාවණා බලය පිළිබඳ අචල විශ්වාසයක් ඇතිව කටයුතු කරන ගවේෂකයන් කීප දෙනකුටම රාවණා රුව සිහිනෙන් හෝ වෙනත් බලවේග මඟින් දැක ගැනීමට හැකි වී ඇත. රාවණා රුව පිහිටුවමින් රාවණා වෙනුවෙන් දෙවොල් ඉදිකොට මනා ලෙස වත් පිළිවෙත් ඉටු කිරීම මඟින් රාවණා බලය රටේ පිහිටුවිය හැකි බව එම ගවේෂකයන්ට දැනගැනීමට ලැබී ඇත.

ඒ අනුව රාවණා රුව පිහිටුවමින් ඉදිවූ ප්‍රථම දෙවොල වලපනේ දරපනාහෙල ශ්‍රී රාවණා පබ්බත මහා විහාරයේ පිහිටියාය. රාවණා බලකොටුව ආශි‍්‍රතව පිහිටුවා ඇති මෙම විහාරය රාවණාගේ උරුමය ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින ආකාරය එහි ගිය මට දැක ගත හැකි විය. එපමණකුදු නොවේ. එම ගමේ වසන සෑම සියලු වැඩිහිටියෙක්ම රාවණාගේ උරුමය මැනවින් රැකීමට ඇප - කැපවී සිටී.

ගමට අමුත්තකු පැමිණි විගසින් ඔහු ආවේ කුමට ද? ඔහුගේ අවශ්‍යතාව කුමක් ද? කරන්නේ කුමක් ද? යන්නේ කුමන ස්ථානවලට ද යනාදී වශයෙන් රහසිගතව සොයා බලා, ඔහුගේ පැමිණිම සැකමුසු වී නම් ඔහු ගමෙන් පිටමන් කරවීමට ද මෙම ගමේ වැසියෝ පසුබට නොවෙති. මක්නිසාද යත් පිටස්තරින් පැමිණි බොහෝ අය මෙම පෙදෙසේ පොළව පෙරළමින්, යමක් සොයමින් රාවණාගේ උරුමය විනාශ කරන්නට කටයුතු කිරීමේ හේතුවෙනි.

රාවණා රුව තැන්පත් කරමින් මෙරට දෙවැනි දෙවොල ඉදිවී ඇත්තේ කුරුණෑගල රම්බඩගල්ල, මොනරාගල විහාරස්ථානයේය. මෙම විහාරස්ථානය පිහිටි ගම රම්බඩගල්ල සහ මොනරාගල යන දෙනමින්ම හැඳින්වේ. එම ග්‍රාම නාමය පවා අපට රාවණා පිළිබඳ කිසියම් ඉඟියක් දෙයි. රම්බොඩය යන්නෙන් අදහස් වන්නේ රත්තරන් ආයුධය යන්නයි. රත්තරනින් නිම කළ ආයුධ සම්භාරයක් තැන්පත් කොට ඇති ස්ථානය රම්බඩගල්ල නමින් හැඳින්වෙයි.

මොනරා ආ(පැමිණි) ගල මොනරාගල විය. මෙහිදී දඬු මොනර යන්ත්‍රය පැමිණීමේ හේතුවෙන් ද, මොනර පිහාටුවක සටහනක් ගල්තලාවේ කොට තිබීමේ හේතුවෙන් ද මොනරාගල ග්‍රාම නාමය සකස් වී ඇත. කුරුණෑගලට යාබද වාරියපොළ ශ්‍රී සුමංගල විහාරස්ථානය පිහිටි ගල්තලාවේ දඬුමොනර යන්ත්‍රය නවතා තබා ඇති බව මීට ඉහත දී අපි කීවෙමු.

මේ දිනවල රම්බඩගල්ල - මොනරාගල විහාරස්ථානයේ බෞද්ධාගමට අදාළව සුවිශේෂී කටයුත්තක් ඉටුවෙමින් පවතී. එනම් ලෝකයේ විශාලතම ශෛලමය සමාධි බුදු පිළිමය නෙළීමයි. අති දක්ෂ ගල් වඩුවන් අතින් එම කර්තව්‍යය ඉටුවෙමින් පවතී.

ශෛලමය සමාධි බුදු පිළිමයේ උස අඩි 67.5 ක් වන අතර එහි හිටි උස අඩි 108 කි. මීට පෙර මෙරට තැනුණු අවුකන බුදු පිළිමයේ උස අඩි 38.10 ක් වන අතර පොළොන්නරුවේ ශෛලමය පිළිමයේ උස අඩි 22 ක් පමණි.
මෙවන් ශුද්ධ වූ පුද බිමක රාවණා රුව පිහිටුවමින් දෙවොලක් ඉදි කරන්නට කටයුතු සම්පාදනය වීමෙන් බුදු පිළිමය නෙළීමේ කටයුත්තට මහඟු ආශීර්වාදයක් උදාවන බව ද කිව යුතුය.
“යගු කෞරාණ මන්ථක ශ්‍රී රාවණ විමානය” යනු දෙවොලේ නමයි. රම්බඩගල්ලට ඉදිරියෙන් වූ පර්වතය රාවණාගේ ප්‍රබල සෙන්පතියකු වූ මකර සෙන්පතියාගේ වාසභවනයයි. මකර සෙන්පතියා එම කන්දේ වසමින් රම්බඩගල්ලට රැකවරණය සලසයි.

මහනුවරට අයත් අංකුඹුර පෙදෙසේ රාම කොටුවක් පිහිටි අතර රාවණාට විරුද්ධව යුද්ධ කිරීම සඳහා රාම කඳවුරු බැඳ ගත්තේ එහිය. අංකුඹුර පෙදෙසේ ‘රාම කොටුව‘ නමින් ගමක් ද වෙයි. අංකුඹුර, රම්බඩගල්ල අතර ප්‍රදේශයේ රාම - රාවණා යුද්ධය පැවති බව විශ්වාස කෙරේ. රාවණාගේ පුත් ඉන්ද්‍රජිත්ගේ බලපරාක්‍රමය හේතුවෙන් එම සටන ජය ගන්නට රාවණාට හැකි විය.

යුද්ධයේ දී යුද බිම මැරී වැටුණු වානරයන්ගේ බෙලි හෙවත් බොටු (රම්, බොටු, ගොඩ) බලන්නට ඉන්ද්‍රජිත් රාවණාට ඇරැයුම් කළේය. රාවණා මෙම බොටු ගොඩ දෙස බැලුවේ විහාරස්ථාන භූමියේ ගල්තලාව මත සිටය. 


මෙම අරුතින් ද රම්බොටුගල්ල නාමය ඇති වී පසුව එය රම්බඩගල්ල ලෙසින් ව්‍යවහාරයට පත් වූ බව ද කියනු ලැබේ.

Friday, October 6, 2017

මහා ගත්කරු මැක්සිම් ගෝර්කි .

මැක්සිම් ගෝර්කි

උපත - 1868 මාර්තු මස 28 වන දින
විපත - 1936 ජුනි 18 (වයස අවු: 68) මොස්කව් නුවරදී
Pen name - මක්සිම් ගෝර්කි
රැකියාව - ලේඛකයෙකි, දේශපාලන ක්‍රියාකරුවෙකි.
ජාතිය - රුසියානු (සෝවියට්)
මැක්සිම් ගෝර්කි

ඇලෙක්ස් මක්සිමෝව් පෙස්කොග් නමින් 1868 මාර්තු 28 වන දින මෙලොව එළිය දුටු ඔහු කවුරුත් හඳුනන නමින් මැක්සිම් ගෝර්කි විය. මොහු සෝවියට් රුසියානු ලේඛකයෙක් මෙන්ම සමාජවාදී යථාර්ථය පිළිඹිබු කෙරෙන සාහිත්‍ය ක්‍රමයේ ප්‍රාරම්භකයා ලෙස ද හැඳින්විය හැකිය. තවද ඔහු දේශපාලන ක්‍රියාකරුවෙකු වශයෙන් ද කටයුතු කොට ඇති අතර ගෝර්කි 1906 සිට 1921 බසිට 1929 දක්වාත් විදෙස් රටවල ජීවත් වුණි. වැඩි වශයෙන් කැප්රි, ඉතාලිය වැනි රටවල හෙතෙම ජීවත් වූ අතර සෝවියට් රුසියාවට නැවත පැමිණීමෙන් පසු නැවත වතාවක් එරටින් පිටව යාමට අවසර නොලැබුවත් මැක්සිම් ගෝර්කි විසින් එවකට එරට පැවති සංස්කෘතික ප්‍රතිපත්ති පිළිගන්නා ලදී.
Selected works
· මාකර් චෞද්රා - කෙටි කථාව 1892 · චෙල්කාෂ් · Petit-Bourgeois (Мещане) (or The Philistines) · මෙහි G.K. චෙස්ටර්ටන් විසින් රචිත හඳුන්වාදීමක් අඩංගු වේ. · මිනිසුන් 26 දෙනා හා ගැහැණු ළමයි · Foma Gordeyev (Фома Гордеев), novel, 1899 · ඔවුන් තිදෙන, 1900 · A Confession (Исповедь), 1908 · පාපොච්ඡාරණය (1908) · ඔතුරොව් නඟරය, නව කතාව 1908 · The Life of Matvei Kozhemyakin (Жизнь Матвея Кожемякина) · හිරුගේ දරුවෝ (නාට්‍යය 1905) · හතුරෝ (නාට්‍යය 1907) · අන්තිමය (නාට්‍යය 1908) · දරුවෝ (නාට්‍යය 1910) · The Lower Depths (На дне), 1902 · ළමාවිය (1913-1914)

මහා ගත්කරු මැක්සිම් ගෝර්කි

රුසියානු සාහිත්‍යයයේ පෝෂණය උදෙසා මහගු සේවයක් ඉටු කළ මැක්සිම් ගෝර්කි නමැති මහා ගත්කරුවාගේ ළමා වියට අද අපි එබී බලමු.ඇලෙක්සි මැක්සිමොවිච් පෙෂ්කොව් උපන්නේ 1868 මාර්තු 28 වන දින රුසියාවේ වොල්ගා ගඟ අසල ඇති නිෂ්නි නොව්ගොරොද් නමැති ප‍්‍රදේශයේය. කුඩා කාලයේ සිටම ඇලෙක්සිට දුක් විඳීමට සිදුවූයේ ඔහු දිළිඳු පවුලක උපන් නිසයි.මගේ ළමා කාලය ගැන කීමට තිබෙන්නේ මට ළමා කාලයක් නොතිබුණු බව යැයි ඔහු පසුකලෙක පවසා තිබෙන්නේද ඔහුගේ ළමා විය සුන්දර සහ ප‍්‍රීතිමත් එකක් නොවූ බැවිනි. 
ඇලෙක්සිට මව් පිය සෙනෙහස ලැබීමට හැකි වූයේ ඉතා ටික කලකි. ඔහුට අවුරුදු පහේ දී පියා මිය ගිය අතර ඉන් ටික කලකට පසු මවද මිය ගියාය. ඉන්පසු කුඩා ඇලෙක්සි ඇති දැඩි වූයේ ආච්චි සහ සීයා සමගිනි. සීයාගේ රැකියාව වූයේ ඇඳුම් වලට සායම් පෙවීමයි. ඉතා දර දඬු පුද්ගලයෙකු වූ සීයා කුඩා ඇලෙක්සිට නපුරු විදියට සැලකුවේය.ඔහු ආදරය කරුණාව ලැබුවේ ආච්චිගෙන් පමණි. ඇලෙක්සිව සැනසීම සඳහා ආච්චි ඔහුට ජනකතා සහ සුරංගනා කතා කියා දුන්නාය. ඇය කියා දුන් ඒ සුරංගනා කතාවල ප‍්‍රධාන කාන්තා චරිතය ලෙස ඇලෙක්සි ඔහුගේ මව ව සිතින් මවා ගත්තේය. ඔහු ඒ තරමට මවට දැඩි ආදරයක් දැක්වූයේය. ආර්ථික දුෂ්කරතා මැද සීයා ටික දිනක් ඇලෙක්සිව පාසල් යැවූ නමුත් ඇලෙක්සිට අවුරුදු අටේදී පාසල් ගමන නතර කරන්නට සිදුවිය. 
ඉන්පසු ඔහුට රැකියාවක්් කර මුදල් සෙවීමට සිදුවිය. පාවහන් වෙළඳ සැලක අත් උදව්කරුවෙකු ලෙස ඔහු මුලින්ම සේවය කළේය. එහිදී කුඩා ඇලෙක්සිට විවිධ ආකාරයේ මිනිසුන් හා ගැටෙන්නට සිදුවිය. ප‍්‍රතිමා පින්තාරු කරන්නෙකු ලෙසද වොල්ගා හි දුම් නැවක පිඟන් සෝදන්නෙකු ලෙසද ඔහු සේවය කළේය.දුම් නැවේ මුළුතැන් ගෙයි සේවය කරද්දී එහි සිටි ‘ස්මූරි’ නමැති කෝකියා කුඩා ඇලෙක්සි පොත් කියවීම කෙරෙහි යොමු කළේය. රසවත් සුරංගනා කතා කියා දුන් ආච්චි ඇලෙක්සිව පොත් කියවීමට යොමු කළ පළමු මාර්ගෝපදේශිකාව වූ අතර ‘ස්මූරි’ එය තව තවත් වර්ධනය කළේය. ඉන්පසු ඔහුගේ එකම පරමාර්ථය වූයේ පොතපත කියවීමයි."මෝඩයාට නුවණ ලබාගන්න ඕනෙ නම් සුදුසු පොත් කියවන්න ඕනෑ. සියලු පොත් කියවන්න ඕනෑ.නුඹ පොත් කියවාපන්. තේරුම් ගන්න බැරිනම් හත්පාරක් කියවාපන්. ඒත් තේරුම් ගන්න බැරිනම් දොළොස් පාරක් කියවාපන්...පොත් වල ගතයුතු දේ තිබෙනවා. පොත් කියන්නේ බොරු පුහු දේවල්වලට නොවෙයි."ස්මූරි එසේ ඇලෙක්සිට අවවාද කරමින් ඔහුගේ උනන්දුව තව තවත් වැඩි කළේය.“මටම නොදැනීම මම කියැවීමට පුරුදු වීමි. "මා පොතක් අතට ගත්තේ ඉමහත් සතුටකිනි."ඇලෙක්සි පසු කලෙක ලියූ ඔහුගේ චරිතාපදානයේ පවසා තිබේ. 
දුම් නැව තිෂ්නි නගරයට පැමිණි පසු ඇලෙක්සි නැවේ සේවයෙන් සමුගෙන ඒ නගරයේ නිවසක මෙහෙකරුවකු ලෙස සේවය කරන්නට විය. එහිදී ද ඇලෙක්සිගේ පොත් උමතුව අඩුවූයේ නැත.එහිදී ඔහුට හමු වූ ඇඳුම් මහන්නෙකුගේ බිරිඳකගෙන් ඔහු කියවීමට පොත් ඉල්ලා සිටියේය. "නුඹ අකුරු දන්නවද? පොත් කියවන්න ආසද!"ඇය ඇසුවාය."මට පොත් කියවන්න වෙලාවක් නැහැ" ඇලෙක්සි පිළිතුරු දුන්නේය."නුඹට පොත් කියවන්න ආසානම් නුඹට වෙලාවක් සොයාගන්නට පුළුවන්" ඇය දුන්නේ ඉතා වටිනා උපදේශයකි. ඉන්පසු ඇයගෙන් ඉල්ලාගත් පොත් කියවීමට කාලය සොයා ගැනීමට ඇලෙක්සි උත්සාහ කළේය.දර පැළීමට ගිය අවස්ථාවේදී දරමඩුවේ හිඳ ඔහු පොත් කියවූයේය. නැතිනම් අටුවට නැග පොත් කියවූයේය. ඔහුගේ ස්වාමි දුව ඔහු රාතී‍්‍ර කාලයේදී ඉටිපන්දම් දවමින් පොත් කියවනවාට කොහෙත්ම කැමති වූයේ නැත. මේනිසා ඔහුට හොරෙන් හොරෙන් පොත් කියවීමටද සිදුවිය.බෙහෙත් සාප්පුවේ සිටි බෙහෙත් කලවම් කරන්නා වූ ගෝල්බර්ග් ද ඇලෙක්සිට පොත් කියවීම කෙරෙහි අගනා උපදෙස් දුන්නේය.
"ළමයා වචන හරියට ගසක තිබෙන කොළ වගෙයි. ගසක කොළ වෙන වෙනම හැඩ නොගෙන එක ම හැඩයට වැඩෙන්නේ මොන හේතුවක් නිසාද කියා දැන ගන්න ඕනෑනම් ගස වැඩෙන හැටි දැන ගත යුතුයි. ඒකට ළමයා පොත් කියවන්න ඕනෑ. මිනිස් මොළය බොහොම ප‍්‍රයෝජනවත්. හැම දෙයක්ම වැවෙන පොහොර පස් සහිත හොඳ වත්තක් වගෙයි"
ගෝල්බර්ග් පැවසූ සියල්ල කුඩා ඇලෙක්සිගේ සිතට හොඳින් කා වැදුණි."මා පළමු වරට බුද්ධිමත්ව පොත්පත් කියවීමට උගත්තේ වයස අවුරුදු දහ හතරේදී පමණය" ඔහු චරිතාපදානයේ දක්වා තිබේ. ඔහුට ඔහු කියවූ සෑම පොතක්ම අලුත් නුපුරුදු ලෝකයකට විවෘත කරන ලද කවුළුවකට සමාන විය. ඔහු හිඟාකන සිඟන්නෙකු මෙන් පොත් සොයමින් ඇවිද ගියේය.නොයෙක් වද වේදනා නින්දා අපහාස විඳිමින් අමිහිරි ළමා වියක් ගෙවූ ඇලෙක්සිට සිටි එකම සහ වටිනාම මිතුරා වූයේ පොත්ය.
 ළමා වියේදීම ලැබූ විවිධ සමාජ අත්දැකීම් වලින් ලැබූ පන්නරය සහ පොත පත කියවා ලැබූූ ඥානය ඉවහල් කරගෙන ඔහු තරුණ වියේදී පොත පත ලිවීමට පටන් ගත්තේය. ඒ අප අද ඔහුව හඳුන්වන මැක්සිම් ගෝර්කි යන අන්වර්ථ නාමයෙනි. ‘අම්මා’ වැනි ශ්‍රේෂ්ඨ නවකතා ලියූ අතරම ඔහු ළමයින් සඳහාද කතා රචනා කළේය. ඔහුගේ ළමා විය හා තරුණ විය ඇසුරින් ඔහු ලියූ “ළමා විය”, “මිනිසුන් අතර”, “මගේ සරසවි” නමැති ග‍්‍රන්ථ ලොව පුරා ඉතා ජනප‍්‍රිය විය. ඔහුගේ ළමා විය ඇසුරින් රුසියානු චිත‍්‍රපටයක්ද නිපදවුණි. 
පොත් කියවීමෙන් ජීවිතය ජයගත් මැක්සිම් ගෝර්කි චරිතයෙන් දුවල පුතාලටත් ගතහැකි ආදර්ශ බොහෝ වේ.

අද්බූත හොල්මන් ගැන කියවෙන ප්‍රසිද්දම චිත්‍රපට 5

හොල්මන් කතා වලට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්මයි මේ ලිපිය.2017 වර්ශයේ මේ වන විටත් නිකුත් වී ඇති හොරර් ගනයට වැටෙන මේ චිත්‍රපට ඔබ මීට පෙර නරබා තියෙනවද බලන්න.

1.Annabelle: Creation (2017) with Sinhala Subtitles | සොදුරැ බෝනික්කෙකු තුල සිරවූ වියරැ යක්ෂණියකගේ ආත්මය 

හොදයි එහෙනම් කතාව පැත්තට යමු.. ඇමරිකාවේ පිටිසර ගම්පියසක “මූලින්ස්” නමින් පව්ලක් ජීවත් වෙනවා. බෝනික්කෝ හදලා විකුනලා තමයි මෙයාලා ජිවිතය ගැටගහ ගන්නේ. ඉතින් මේ මූලින්ස් නෝනටයි මහත්තයටයි පුංචි දුවෙක් ඉන්නවා. එයාගේ නම “ඇනබෙල්”. ඒත් ඔවුන් ඇයට ආදරේට කතා කලේ “බී” කියලා, ඉතින් බී කියන්නේ හුගක් හුරතල්, ලස්සන, අහින්සක කෙලි පැටික්කියක්. ඉතින් මෙයාලා හරිම සතුටින් තමයි කාලය ගත කරන්නේ. එත් එක දවසකින් මේ සතුටින් හිටිය පව්ල කදුළු උල්පතක් කරමින් අවාසනාවන්ත විදිහට අඩු වයසින්ම බී මේ ලෝකේ දාලා යනවා. මූලින්ස් නෝනයි මහත්තයයි හැමදාම ප්‍රාර්ථනා කරනවා තමන් ආදරේ කරපු ඒ කෙලි පැටික්කියව ආපහු වතාවක් දකින්න ලැබෙන්න කියලා.

ඉතින් මෙහෙම ගලාගෙන යන මේ චිත්‍රපටය තවමත් වා‍ර්තා පිට වාර්තා තබමින් තිරගත වෙනවා.හොල්මන් චිත්‍රපට ප්‍රිය කරන ඔබ මග නොහැරම නැරබිය යුතු චිත්‍රපටයකුයි මේ.


2.The Bye Bye Man (2017) with Sinhala Subtitles | බායි බායි මෑන් 


සාම්ප්‍රදායික හොල්මන් කතා වලින් එහාට ගිය වෙනස්ම කතා තේමාවක් රැගත්  Horror, Thriller කාණ්ඩයට අයත් වන සලරුවකුයි මේ.


එලියට් ජෝන් සහ බෙයර් කියන්නේ කැම්පස් ශිෂ්‍යයන් තුන් දෙනක්. මේ තුන් දෙනා ගෙයක් කුලියට ගන්නවා කැම්පස් එක ආසන්නයෙන්ම. බෙයර් කියන්නේ එලියට්ගේ පෙම්වතිය සහ ජෝන් එලියට්ගේ  පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවා. ඉතින් මේ ගෙදර අයිතිකාරයා ඔවුන්ට මේ නිවස කුලියට දෙන්නෙ එහි පරණ ගෘහභාණ්ඩත් සමගයි. ඔය පරණ ගෘහ භාන්ඩ අතර තිබිලා ඔවුන්ට හම්බෙනවා පොඩි මේසයක් සහ පරණ රත්තරං කාසියක්. ඔය කියන පරණ මේසෙ ඇතුලේ ලියලා තියෙනවා යම් නමක් නම තමයි බායි බායි මෑන්. 


මේකත් තනියම රෑට බලන්න කියාපු චිත්‍රපටියක්.. 


3.It comes at night (රාත්‍රියේ පැමිනෙන දෙය)



පෝල් කියන්නේ නගරයේ හිටි ගුරුවරයෙක්.ඔහුගේ බිරිද සාරා ඒ වගේම පුතා වෙන්නෙ ට්‍රැවිස.නමුත් හිටිහැටියේම ඔවුන්ට නගරයෙන් පලා එන්න වෙනවා එක්තරා වසංගත තත්වයක් පැතිර ගිය නිසා.ඔවුන් පලා එන්නේ මහ වනන්තරේට.ඒ රෝගය බොහොම දරුණුයි වගේම සුවකල නොහැකියි.මේ තිදෙනා එක්ක පෝල්ගෙ තාත්තාත් එනවා.ඒත් ඔහුට කැලයට ආවාම අර මම සදහන් කල රෝගය වැළදෙනවා.ඉතිං පෝල්ට අකමැත්තෙන් වුවත් පවුලේ අන් අයගේ ආරක්ෂාව පිණිස රෝගකාරක පැතිරීම වළක්වන්න තාත්තාව මරන්න සිද්ධ වෙනවා.ඔන්න ඔතනින් තමයි මේ කථාව ආරම්භ වෙන්නේ… 



‍යාලුවෝ කට්ටියක් එක්ක සෙට් වෙලා බලන්න තියෙන සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ..

4.Get Out (2017)  | “කළු” ශාපය


කවදාහරි අහලා තියෙනවද IMDb මීටරේ 8.1ට කරකවලා හොඳම චිත්‍රපටි 250 අතරට රිංගපු Horror චිත්‍රපටියක් ගැන? මම නම් අහලා නෑ, බලලත් නෑ. හැබැයි ඔන්න දැන් එහෙම චිත්‍රපටියක් තියෙනවා.

එයා කළු කොල්ලෙක්, ක්‍රිස්
මෙයා සුදු කෙල්ලෙක්, රෝස්
දෙන්නා දවසක් හම්බවුණා
කෙල්ල නිකම් අමුතු බැල්මක් දැම්මා
කොල්ලට නිකම් හොල්මන් වගේ
සුද්දියෙක් කවද්ද කලුවෙක් එක්ක යාලු වුණේ
මාසයක්, දෙකක්, තුනක් ගෙවිලා ගියා.


Horror චිත්‍රපටි නොබලන අයටද බලන මෙන් ඉල්ලා සිටිනවා. Trailer එක බැලුවත් කමක් නෑ, නොබැලුවත් කමක් නෑ. බැලුවොත් අනිවා චිත්‍රපටිය බලනවමයි.

5.The Mummy (2017)  | අඳුරට කැප වූ සුන්දරිය..


මේ වසරේ මැයි මස 22 දින තිරගත වීම ආරම්භ කළ The Mummy (2017) චිත්‍රපටය බොහෝ ප්‍රේක්ෂකයින්ගේ තිරගත වෙනකල් බොහොම නොඉවසිල්ලෙන් බලා සිටි චිත්‍රපටයක්. සුපිරි නළු Tom Cruise සමඟින් Russell Crowe, Sofia Boutella, Annabelle Wallis, Jake Johnson රංගනයෙන් දායක වූ මේ චිත්‍රපටය Fanasy/Thriller ගණයට වැටෙන්නක්. ඇමරිකානු ඩොලර් මිලියන 377.3 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්නට සමත් වූ මේ චිත්‍රපටය ලබා ගත් IMDb ලකුණු මට්ටම නම් 5.7 ක් වගේ අඩු අගයක්. ඒ වගේම Rotten Tomatoes වල සනිටුහන් වී තිබෙන අගය 16% ක් වගේ ඉතාම අඩු අගයක්. ඒ කෙසේ වෙතත් රසයේ අඩුවකින් තොරව නරඹන්නට හැකි චිත්‍රපටයක් ලෙස මෙය නම් කරන්නට මම කැමතියි.



පුරාවුර්ත හා පදනම්ව ගලා යන මේ චිත්‍රපටය අතිශයින්ම හොල්මන් චිත්‍රපට රසිකයන්ට පමනයි.

මේ චිත්‍රපට නරබලා නැත්නම් අදම බලන්න කියලා තමා කියලා තියෙන්නෙ.මේ හැම චිත්‍රපටයකම සින්හල උපසිරැසි වගේම චිත්‍රපටයත් බයිස්කෝප් වෙබ් අඩවියෙන් සුපුරුදු පරිදි බා ගත කරගන්න පුලුවන්.එහෙනම් මේ වගෙම අලුත් දෙයකින් හමු වෙමු..

සුබ දවසක්...!!!




ඔයාටත් ඕනෙ දිග ලස්සන කොන්ඩයක්ද? එහෙනම් මේ ඔබ වෙනුවෙන්මයි..

ඔයාටත් ඕනෙ ලස්සන දිග කොන්ඩයක්ද? ඔව් ඒක හැම ගෑනු ලමෙක්ගෙම අහින්සක ප්‍රාර්තනයක්.ඒත් ඔයාලට තියෙන ලොකුම ගැටලු තමයි වෙලාව නැති කම.. අවිවේකී කම.පාසලට රැකියා ස්තානයට වගේම ගෙදර දොර වැඩකටයුතු අතරේ ගෙවෙන ඔබේ ජීවිතය ගොඩක් අවිවේකි එකක්.. එත් ඔබෙ කොන්ඩය අග පැලුනු මලානික පෙනුමක් තියෙන කොට සමාජයේ බොහෝ දෙනා ඔබ තුලින් දකින ප්‍රතිරූපය හොද එකක් නම් නෙමෙයි.විසේසයෙන්ම ඔබගෙ පෙම්වතා ඔබේ සැමියා ඔබෙන් එවැන්නක් බලාපොරොත්තු නොවෙන්න පුලුවන්.සතියකට වරක් පමනක් ප්‍රමානවත් මේ සත්කාරය ඔබට පහසුවෙන් කරගන්න පුලුවන්.පැය බාගයක් මේ වෙනුවෙන් වැය කලාට මොකද කියලා ඔබට මාසයක් යද්දිම හිතේවි.මේ ප්‍රතිකාරය මගින් ඔබේ හිසකෙස් ප්‍රානවත් වෙනවා පමනක් නෙමෙයි හෙනා වැනි ක්ෲතීම ආලේපන මගින් දෙනවාට වඩා හොද දිස්නයක් ඔබට ලබා ගන්න පුලුවන්.හෙනා බාවිතය පහසුයි තමයි.නමුත් හැකිතාක් ස්වාබාවික දේවල් බාවිතා කරන තරමට ඔබට පිරිපුන් සුන්දර පෙනුමක් ලබා ගන්න පුලුවන්.හොදයි අපි මුලින්ම බලමු අවශ්‍ය දේවල්...

පලමු ක්‍රමය.
1.හොදින් පොඩි කරගත් ඇබුල් කෙසෙල් ග්‍රෑම් 75 පමන(බ්ලෙන්ඩර් කරත් කමක් නෑ)
2.කහමදයත් සමග බිත්තරයක්
3.කිරි තේ හැදි 3ක් (යෝගට් උනත් කමක් නෑ)
4.හොද වර්ගයේ මී පැනි හැදි 3ක්.

මේ දේවල් හොදින් මිශ්‍ර කරන්න.අනතුරුව හිසකෙස් වල මුල සිට අග දක්වා හොදින් ආලේප කරන්න.බිත්තරය නිසා එන අමුතු සුවද පොඩ්ඩක් දරා ගන්න.මොකද ලස්සන කොන්ඩයක් තිබුනොත් කාටද ආඩම්බර..
පැය බාගයක් තියෙන්න ඇරල හිසකෙස් හොදින් සෝදන්න.සුදුසු ශැම්පෝ වර්ගයක් එක්ක කන්ඩිශනර් බාවිතා කරන්න.පලවෙනි ආලේපනයෙන්ම ඔයාට වෙනසක් දැනේවී...

දෙවන ක්‍රමය.
1.සම්පූර්න බිත්තර දෙකක්
2.ඔලිව් ඔයිල් හැදි 5ක්

මේවා හොදින් මිශ්‍ර කරලා හිසකෙස් වල තවරන්න.ශවර් කැප් එකක් දාගෙන මිනිත්තු 30ක් ඉන්න.(ශවර් කැප් ඔබට ඉතා පහසු මිලකට වෙලද පලෙන් මිලට ගන්න පුලුවන්)

මේ ක්‍රම දෙකම තියෙන වීඩියෝ එකක් අපි පහතින් දානවා.ඒක බැලුවම ඔයාට තවත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.මේ ඉන්දියාවේ වීඩියෝ එකක්.ලෝකෙ ලස්සනම ගැහැනු අය ඉන්න රට.ස්වප්නා ඉශිතා වගේ අය දැක්ක්ම ඒක ඔප්පු වෙනවා නේද නිකන්ම.හොදයි එහෙනම් වීඩීයෝ එකත් අනිවාර්‍යෙන් බලලා මේ සත්කාර කරලා බලන්න.. අලුත් දෙයකින් ආයෙත් හමුවෙමු. සුබ දවසක්
වීඩියෝව පහතින්...↴↴↴