අපේ අගමැති අනාගත ජනපති රනිල්...
රනිල් වික්‍රමසිංහ මහතා ( උපත 1949 මාර්තු 24 ) යනු ශ්‍රී ලංකාවේ වත්මන් අග්‍රාමාත්‍යවරයා වේ. ඔහු මීට පෙර 1993 මැයි 7 සිට 1994 අගෝස්තු 19 දක්වාත්, 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රියෙල් 6 දක්වාත්,2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 17 දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස තුන් වරක් කටයුතු කර තිබේ. 2015 ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස සිව් වන වරටත් තෝරා පත් කෙරුණි.
අධ්‍යාපනය
කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය.
ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරය ඉසිලූ එකම පුද්ගලයාද රනිල් වික්‍රමසිංහ මහතා ය. අනෙක් සියලුම රාජ්‍ය නායකයින් (ජනාධිපති/අගමැති) විදේශ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හැදෑරුවෝ වෙති.
මුල් අවධිය
1970 වසරේ මැද භාගයේදී කැළණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ වික්‍රමසිංහ මහතා පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරුණි.
ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතායි. එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරයයි.
අග්‍රාමාත්‍යවරයා ලෙස
පළමුවරරණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කිරීමෙන් පසුව 1993 මැයි 07 වනදා රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අගමැතිවරයා ලෙස පළමු වතාවට පත් කෙරුණි.
දෙවනවර
2001 මැතිවරණ ජයග්රහණයෙන් පසුවද හෙතෙම මෙරට අගමැතිවරයා ලෙස පත්විය.
තෙවනවර
2015 ජනවාරි 9 දිනදී, රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස තුන් වන වරටත් තෝරා පත් කෙරුණි.
පුද්ගලික දිවිය
1949 වසරේදි එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලිනි වික්‍රමසිංහ යන මහත්මියට දාව දෙවන පුතු ලෙස උපන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා , කැළණිය විශ්ව විද්‍යාලයේ, ඉංග්‍රීසි අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග 1994 වසරේදි විවාහ දිවියට එළඹිය.


No comments:
Post a Comment